විදුහල්පති පණිවිඩය
H.M.K.C.A. රාජරත්න මයා
යහපත් පුරවැසියන් සමාජයට බිහි කරනු ලබන මූලික තැනුම් ඒකකය වන්නේ පාසලයි. "නුවණින්, දැනුමෙන් නිපුණ වූ සාරධර්ම සුරකින දරුවෙක් " යන්න අපේ දැක්මේ අරමුණයි. මුළු මහත් සමාජයටම කෙරෙන අනාගත ආයෝජනය දරුවන් යහපත් අයුරින් සමාජයට මුදා හැරීම තුළින් යහපත් පුරවැසියෙකු බිහි කිරීමයි. එය ඉටු කර ගැනීම අපගේ ඒකායන අරමුණයි. අපගේ ඒකායන අභිප්‍රාය වන "පාසල් දැක්ම" සාක්ෂාත් කර ගැනීම සඳහා පාසල් ප්‍රජාවේ සියලු පාර්ශ්වයන් මහඟු කාර්යභාරයක යෙදේ.
මෙම වෙබ් අඩවිය තුළින් අප පාසලේ සිදුකෙරෙන බොහෝ කර්තව්‍යයන්හි තොරතුරු රැසක්ම බෙදා හැරෙන අතර පාසලේ බාහිර ප්‍රජාවට තොරතුරු සන්නිවේදනය කිරීමද පාසල හා සම්බන්ධ වීමට ද හැකියාව ලැබෙනු ඇත. අප පාසලේ මෙම වෙබ් අඩවිය නිර්මාණය කරන ලද තොරතුරු තාක්ෂණ ඒකකයට සුබ පතන අතරම පාසලේ දියුණුවට මෙය පිටුවහලක් වේවායි පතමි.
H.M.K.C.A. රාජරත්න මයා
විදුහල්පති
අ/ කේ.බී. රත්නායක මහා විද්‍යාලය.





